Friday, January 02, 2026
Follow Us
ගමේ පොහොට්ටු දිනවන්නැයි රනිල්ගෙන් පොඩි අලින්ට බලපෑම්

රනිල් එජාපය පොහොට්ටුවට කඩේ යවයි


පොහොට්ටුවට බලය හිමි හොරණ ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය නොකරන ලෙසත් අය වැයට පක්ෂව ඡන්දය ලබාදෙන ලෙසත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හොරණ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චමත් මද්දුමගේට නියෝග කර ඇතැයි වාර්තාවේ. රනිල් වික්‍රමසිංහ ඊයේ(16) දුරකථනයෙන් අමතා මෙම නියෝගය දී ඇත.

දෙසැම්බර් 3 වැනිදා හොරණ ප්‍රා දේශීය සභාවේ අයවැය පළමු ඡන්ද විමසීම සිදු කර ඇති අතර එහිදී එක්සත් ජාතික පක්ෂ විපක්ෂ නායක වරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා පොහොට්ටුවේ පිරසක් හා එක්ව අය වැය පරාජය කොට ඇත.

පෙරේදා(15) එජාප කලුතර දිස්ත්‍රික් සංවිධායක ලක්මන් විජේමාන්න ප්‍රා. සභාවේ විපක්ෂ නායකයාට උපදෙස් දී ඇත්තේ අය වැය දෙවැනි වර කියවීමේදී පරාජය නොකරන ලෙසයි. ඉන් නොනැවතී ඊයේ උදෑසන එජාප උපසභාපති සාගල රත්නායකද විපක්ෂනායකයාට දුරකතනයෙන් අමතා ඇත. ලබන වසරේ පෙබරවාරි හා මාර්තු වන විට රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම ආණ්ඩුවක් පිහිටු වන බවත් ඊට විදුර වික්‍රමනායකගේද නොමද අනුග්‍රහය ඇති බවත් ඒ නිසා හොරණ අය වැය පරාජය කොට විදුරගේ හොඳ හිත පලුදු නොකරන ලෙසත් මෙහිදී සාගල හොරණ විපක්ෂ නායකයාට පවසා ඇත. අනතුරුව සාගල කෝල් කොන්ෆරන්ස් දමා රනිල් වික්‍රමසිංහ සම්බන්ධ කරගෙන ඇති අතර එහිදී රනිල් පවසා ඇත්තේ සාගල පවසන පරදි කටයුතු කර අය වැය පරාජය නොකර එය ජයග්‍රහනය කරවන ලෙසයි.

මේ සිදුවීමත් සමගම එජාපයේ බිම් මට්ටමේ දේශපාලනඥයින් ප්‍රකෝප යට හා කලකිරීමට පත්ව ඇති අතර එජාප ජ්‍යෙෂ්ඨයින්ට මෙ බව දන්වමින් කළ යුත්තේ කුමක්දැයි උපදෙස් පතා ඇත.
හොරණ විපක්ෂනායක චමත් ඔහුගේ හිතවතියක වන කෝට්ටේ නාගරසභා මන්ත්‍රීවරියක වන හර්ෂණී සඳරුවනිට මේ බව පවසා ඇති අතර ඇය පවසා ඇත්තේ පක්ෂ නායකයින් කෙබදු උපදෙස් දුන්නත් ගමේ දේශපාලනය කරන තමන් ගමට මූණ දීමට හැකි ආකාරයෙන් හැසිරිය යුතු බැවින් පක්ෂ නායකයින් කුමක් කීවත් එය නොතකා අය වැය පරාජය කරන ලෙසයි.

හොරණ ප්‍රාදේශීය සභාවේ අය වැය දෙවැනි ඡන්ද විමසීම එලබෙන බ්‍රහස්පතින්දාට (23) වැනිදාට යෙදී ඇත. අය වැය පළමු ඡන්ද විමසීමේදී විරුද්ධව ඡන්දය දුන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 8 දෙනා මෙවරද විරුද්ධව ඡන්දය ලබා දෙන බව ස්ථිර වශයෙන්ම පවසා ඇත. එමෙන්ම ශ්‍රී ලනිප 3 දෙනාද ජවිපේ 3 දෙනාද අය වැය පරාජය කරන ස්ථාවරයේ සිටී.

හොරණ ප්‍රා දේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන 14ක් ඇති අතර පළමු ඡන්ද විමසිමේදී රේනුකා දමයන්ති හා සුනේත්‍රා රාජපක්ෂ යන දෙදෙනා ඡන්දය භාවිතා කිරීමෙන් වැලකි ඇත. මේ දෙදෙනා ම ලක්ෂ්මන් විජේමාන්නගේ උපදෙස් අකුරට පිළිපදින්නන් බව සඳහාන් වේ.

රනිල් කුමක් කීවත් බ්‍රහස්පතින්දා ඡන්ද විමසීමේදී පොහොට්ටුවට පක්ෂව ඡන්දෙය දී තමන්ගේ දේශපාලන අනාගතය විනාශ කර නොගන්නා බවත් බොහෝ විට එාජප 12 දෙනාම ඡන්දය දීමෙන් වැලකී සිටින බවත් විපක්ෂ නායක චමත් මද්දුමගේ එජාප බිම්මට්ටම් දේශපාලනඥයින් සමග පවසා ඇත.

(Aruna)