Friday, January 02, 2026
Follow Us
පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමේ තීරණයක් ...

පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

රටේ පවතින කොවිඩ් තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

දැනට පවතින පළාත් පාලන ආයතනවල කාලය 2022 පෙබරවාරි 10 වනදායි අවසන් වීමට නියමිත අතර පළාත් පාලන පනතෙන් විෂය භාර අමාත්‍යවරයාට පැවරෙන බලතල අනුව එම කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට කටයුතු කෙරෙනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

(LNW)