LNG බලාගාරය සම්බන්ධ ගිවිසුමෙන් ජනතාවට සහනයක් ලැබෙන්නේ නම් කවුරු විරුද්ධ වුවත් එය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ප්‍රශ්නය - LNG බලාගාරය ගැන ලොකු ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. මේ ගැන ඔබතුමාගේ මතය මොකක්ද ?
"මේකෙ තියෙන වාසි අවාසි තත්වය පිළිබඳව සාකච්ඡා වෙනවා. එක එක්කෙනාගෙ එක එක මත තියෙන්න පුළුවන්. නමුත් අවසානයේදී රටේ ජනතාවට මේ කාරණාව ඉදිරිපත් කරලා වඩා නිවැරදි දේ කරයි"
ප්‍රශ්නය - ඔබතුමා දැක්කාද ඔය LNG බලාගාරයේ විස්තර පත්‍රිකාව ?
"ඒක ඉදිරිපත් කරලා තිබුණා. ඒක ලොකු පොතක් වගේ එකක්. ඒක අධ්‍යනය කරන්න ලොකු කාලයක් යනවා. ඇත්තටම මං ඒක බැලුවෙ නෑ. හැබැයි ඒකෙ කරුණු කාරණා ඒකට ආපු නිලධාරීන් ඉදිරිපත් කළා. ඒ අනුව ඉදිරි කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කරනවායි කියන කාරණාව තමයි කිව්වෙ"
ප්‍රශ්නය - ආණ්ඩුවෙම ප්‍රබල ඇමතිවරුන් පිරිසක් ඕකට විරෝධය පළ කරනවා නේද ?
"මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්. ඒ හැමෝටම තමතමන්ගේ මත ඉදිරිපත් කරන්න පුළුවන්. කවුරුත් කලබල වෙන්න ඕනෙ නෑ. වඩා නිවැරදි දේ ඉදිරියේදී සිද්ධ වෙයි. මේ ජනතාවට සහනයක් ලැබෙන දෙයක් නම් මේකෙන් සිද්ධ වෙන්නෙ, ඒක වෙන්න ඕනෙ. කවුරු අකමැති වුණත් ඒක රටේ ජනතාවට පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනෙ, ඒ අදාළ අමාත්‍යාංශ වලින්"
ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ පෙරේදා (15) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)