දේශපාලනික කරුණු මත මැතිවරණ කල් දැමීමෙන් අසාධාරණයට ලක්වන්නේ ජනතාව බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියේ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම ආණ්ඩුව ජනමතයට බියවී ගත් තීරණයක් බවයි.
මේ සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගෙන්ද නෙත් නිවුස් කළ කරුණු විමසීමක් කළා. රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට තීරණය කළේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් තාක්‍ෂණික උපදෙස් ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් බවයි.
මැතිවරණය පැවැත්වීමට සුදුසු තත්ත්වයක් නිර්මාණය වුවහොත් වසරක් ගතවීමට පෙර එය පැවැත්වීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.
(Neth)