Friday, January 02, 2026
Follow Us
පොහොට්ටුව කටානේදීත් අයවැය පරාදයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කටාන ප්‍රාදේශීය සභාවේ ද 2022 අයවැය යෝජනාව වැඩි ඡන්ද 8කින් පරාජයට පත්ව තිබේ.

අයවැයට විරුද්ධව ඡන්ද 25ක් ලැබී ඇති අතර අයවැයට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 17ක් පමණි.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 3 දෙනා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙකු සහ ස්වාධීන කණ්ඩායමක එක් මන්ත්‍රීවරයකු සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකුම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

පසුගිය සති කිහිපය තුළ පළාත් පාලන ආයතන ගණනාවකදීම මේ ආකාරයෙන් අයවැය පරාජයන්ට මුහුණ පෑමට පොහොට්ටුවට සිදුවිය.

(LNW)