Friday, January 02, 2026
Follow Us
හිටිහැටියේ පාර්ලිමේන්තු වාර අවසන් කළේ සීනි බදු වංචාව යටගැසීමටයි - විපක්ෂ නායක සජිත්

හිටිගමන් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පසුගිය වකවානුවේ සිදුවූ සීනි වංචාව පිලිබදව සිහිපත් කළ විපක්ෂ නායකවරයා, පාර්ලිමේන්තුව කල් තැබීම පිටුපස එම වංචාවේ තොරතුරු හෙලිදරව් වීම වැලැක්වීමේ තැතක් ඇති බවයි සඳහන් කළේ.

සීනි වංචාව හරහා රජයේ බදු ආදායමට මහා හානියක් වූ අතර එය රුපියල් බිලියන 15.9 ක් මුදලක් බව විපක්ෂ නායකතුමා ප්‍රකාශ කළේය. මෙතරම් මුදල් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට අහිමි කිරීමක් සිදුවු වංචාව පිළිබඳව වෝහාරික විගණනයක් සිදුකෙරුණු අතර එහි වාර්තාව පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවට ලැබී තිබුණත් පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම නිසා එය සභාගත කිරීමට නොහැකි වන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සසුනට අරුණ වැඩසටහන යටතේ, රුපියල් ලක්ෂ 25ක වියදමක් දරා අරවනමුල්ල ශ්‍රී සෝමාලෝක විහාරස්ථානයේ ඉදිකරනු ලැබූ දහම් පාසැල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමිනි. බැරගම ශ්‍රී ඤාණවිමල පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී පුජ්‍ය පොලොම්මාරුවේ විමලදස්සී නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම ප්‍රකාරව මෙම ගොඩනැගිල්ල ඉදි කරනු ලැබීය.

(LNW)