කුමන හෝ මැතිවරණයක් පවත්වා ජනමතය උරගා බැලීමට කාලය පැමිණ ඇති බව සමගි ජන බලවේගය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ පළාත් සභා මැතිවරණය හෝ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට යම් නිතීමය සංශෝධනයක් අවශ්‍යනම් ඒ සඳහා සිය පක්ෂය සහය ලබා දීමට සූදානම් බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
(Neth)