Friday, January 02, 2026
Follow Us
ආණ්ඩුව පිපිරෙන්නේ නැතුව තියාගැනීමේ වගකීම අපට නෙවෙයි පොහොට්ටුවටයි - අමරවීර

ආණ්ඩුව පිපිරීමකින් තොරව එකතුමුව තබාගැනීම වගකීම ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර මහතා පවසයි.

"මෙහෙමයි ඉතින් ... ආණ්ඩුව පිපිරෙන් නැතුව තියාගැනීමේ වගකීම ප්‍රධාන පක්ෂයට තියෙනවා. ඒ වගකීම දරන ඒගොල්ලොන්ට මේ ආණ්ඩුව පිපිරෙන්නෙ නැතුව තියාගන්නත් පුළුවන්, පුපුරුවලා යවන්නත් පුළුවන්. අපට නෙවෙයි, ඒගොල්ලො දැනගන්න ඕනෙ ප්‍රධාන පක්ෂය අනෙකුත් කණ්ඩායම් එකතු කරගෙන පිපිරෙන්නෙ නැති මට්ටමකට ගෙනියන්න. ජනතාවගෙ ප්‍රශ්න විසඳෙනවා නම් රටේ හොඳ තත්වයක් නම් තියෙන්නෙ ඉතින් ආණ්ඩුව පිපිරෙන්න ඕනෙ නෑ. රටේ මේ ප්‍රශ්න නිසානෙ ඔව්වා ගැන කතාවෙන්නෙ"

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (14) ශ්‍රීලනිප මූලස්ථානය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)