මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදේශගත වී තිබෙනවා. නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ අද අලුයම 02 යි 55 ට කටුනායක ගුවන් තොටුපළින් පිටත්වූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අමාත්‍යවරයා ඩුබායි බලා පිටත්ව ගිය බවයි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඔහුගේ බිරිඳ ද ඩුබායි වෙත ගොස් ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
පෞද්ගලික සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඉකුත් දා සිංගප්පූරුව බලා පිටත්ව ගියා.
(Neth)