Friday, January 02, 2026
Follow Us
ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් බලය දීලා තියෙන්නෙ ඒවා පාවිච්චි කරන්න ඒකට කවුරුවත් කලබල වෙන්න ඕන නෑ - ජී.ඇල්.

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය සම්බන්ධයෙන් කිසිවෙකුත් කලබලවීමට අවශ්‍ය නොවන බව විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව බවත්, පාර්ලිමේන්තුව කැඳවීමට, විසුරුවා හැරීමට මෙන්ම සැසිවාරය අවසන් කිරීමටද ජනාධිපතිවරයාට බලය තිබෙන බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

මෙය සුවිශේෂ සිද්ධියක් ලෙස උපකල්පනය කිරීමට අවශ්‍ය නොවන බවත් ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලතල ලබා දී තිබෙන්නේ ඒවා පාවිච්චි කිරීමට බවත් ජී.ඇල්. පීරිස් මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

සැසිවාරය අවසන් කිරීමෙන් පසුව කාරක සභා අහෝසි වීමක් සිදු නොවන බවද ඇමතිවරයා පවසනවා. නව වසරේදී පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමෙන් පසුව එම කාරක සභා යළි ක්‍රියාත්මක වන බවත්, සිදුවන්නේ එම කාරක සභාවල සංයුතියේ යම් යම් වෙනස්වීම් සිදුවීම පමණක් බවත් ඔහු පෙන්වා දෙනවා.

(LNW)