Saturday, January 03, 2026
Follow Us
කෝප් කෝපා ඇතුළු කාරක සභා රැසක් අහෝසියි

පාර්ලිමේන්තුවේ කටයුතු වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම හේතුවෙන්, පාර්ලිමේන්තුවේ කාරක සභා රැසක් අහෝසි වී තිබෙනවා. පොදු ව්‍යාපාර කාරක සභාව (COPE), පොදු ගිණුම් කාරක සභාව (COPA) යන ප්‍රධාන කාරක සභාවල කාලසීමාවද අහෝසි වේ.

මීට අමතරව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව ඇතුළු කාරක සභාවල කටයුතුද අහෝසි වේ.

පාර්ලිමේන්තු සැසිවාරය අහෝසි කිරීම හේතුවෙන් අහෝසි නොවන්නේ මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂ කාරක සභාව සහ උසස් නිළ තල පිළිබඳ කාරක සභාව පමණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාර අවසාන කෙරිණි. මීලඟ වාරය ලබන ජනවාරි 18 වැනිදා පෙරවරු 10 ට යළි ආරම්භ වේ.

(LNW)