Saturday, January 03, 2026
Follow Us
රන්ජන්ගේ නිදහස වෙනුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ජිනීවා යයි !

වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් විඳින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කරන්නැයි ඉල්ලා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ (12) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කාර්යාලය ඉදිරිපිට උද්ගෝෂණයක නිරත විය.

මෙම උද්ගෝෂණය සඳහා ස්විට්සර්ලන්තය, බ්‍රිතාන්‍යය, ඉතාලිය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කළේ රන්ජන් රාමනායක මහතා සිරගත කිරීම දේශපාලන පළිගැනීමක් බවයි. ඔහුට සිරගතවීමට සිදුවූයේ සත්‍ය ප්‍රකාශ කිරීම නිසා බවත්, ඒ අනුව ඔහු තවදුරටත් සිරගත කර තැබීම බලවත් අසාධාරණයක් බවත් ඔවුන් අවධාරණය කරනවා.

රාමනායක මහතා නිදහස් කළ හැක්කේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් බැවින් රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නැයි සියලු විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද උද්ගෝෂකයන් ප්‍රකාශ කරනවා.

(LNW)