Saturday, January 03, 2026
Follow Us
13+ බලය බෙදීමේ ඉලක්කය අපි අතහැරලා නැහැ - හකීම්

13 වෙනි සංශෝධනයෙන් ඔබ්බට ගිය බලය බෙදීමේ අවශ්‍යතාව තවදුරටත් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12) දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රමුඛ දෙමළ භාෂාවෙන් කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවේදීය.

දැනට බලය බෙදාහැරීම සම්බන්ධයෙන් වන 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ගැන මේ රජය අනුගමනය කරන ක්‍රියාපිළිවෙත දෙස බලාසිටින්නේ පිළිකුලෙන් යුතුව බවයි එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් පොරොන්දු දී තිබුණද ඒ සම්බන්ධයෙන් ද තහවුරුවක් නැති බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

එහෙයින් 13 වැනි සංශෝධනයට අදාළව මැතිවරණයක් පවත්වා අක්‍රීයව පවතින පළාත් සභා ආයතන සක්‍රීය කරන ලෙසයි හකීම් මහතා එහිදී අවධාරණය කළේ.

(LNW)