රාජා කොල්ලුරේ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකු වන ඩිව් ගුණසේකර මහතා පත් කළ යුතුව තිබූ බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා පත් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. යුද්ධය අවසන් කිරීම සඳහා කරන්නාගොඩ මහතා රණවිරුවෙකු ලෙස දැවැන්ත කාර්යභාරයක් සිදුකළ නමුත් ආණ්ඩුකාර ධුරය සඳහා ඔහු පත් කිරීම සුදුසු නොවන බවද ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරනවා.
වත්මන් ආණ්ඩුව යටතේ අනුමත කළ නොහැකි කටයුතු, වැරදි තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ නැවතත් මහ මැතිවරණයට තරග කරන්නේද, පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද යන්න පිළිබඳවද කල්පනා කර බැලීමට සිදුවන බවයි.
(LNW)