කිසිදු හිඟයකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ වගකීම තමන් භාරගෙන ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
"කිසිදු හිඟයක් නැතිව අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ලබාදීමේ වගකීම මම භාර අරන් තියෙනවා. ඒ භාරගත්තා වගේම ලංකාවෙ නැත්නම් ලෝකෙ කොහේ හරි තියෙනවා නම් ඒ තියෙන තැනකින් ගෙනල්ලා හරි, අපි රටේ ජනතාව කවදාවත් බඩගින්නේ තියන්නෙ නෑ. දැන් උදාහරණයක් වශයෙන් එහෙම හිතලා හාල් රුපියල් 300 ට වැඩි කරන්න තමයි සැලසුම් කරලා තිබුණෙ, අපි ඒ සැලැස්ම අසාර්ථක කළා. අද වනවිට නාඩු කිලෝවක් රුපියල් 99.50 ට අපි දෙනවා"
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (12) කඩුවෙල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)