Saturday, January 03, 2026
Follow Us
හිටපු ජනපති ගැන අධිකරණය හමුවේ සාක්ෂි දෙන්න සුදානම් - ඇමති ප්‍රසන්න රණතුංග

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්පූර්ණයෙන් වගකිව යුතු බවට තමන් කර ඇති ප්‍රකාශ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හෝ අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට සූදානම් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. එය සමාජ වගකීමක් ලෙස තමා දකින බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්පූර්ණයෙන් වගකිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳ විමර්ශනයක් කරන්නැයි කතෝලික සභාව වෙනුවෙන් අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් ඉකුත් දා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

මේ පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත තමන් කැඳවන්නේනම් ප්‍රහාරය සම්බන්ධයෙන් දන්නා සියලු තොරතුරු අනාවරණ කිරීමට තමන් සූදානම් බවයි.

(Neth)