Saturday, January 03, 2026
Follow Us
යුගදනවි ගිවිසුම මම දැක්කෙත් නෑ, ගිවිසුමක තියෙන හැම එකක්ම අපි කියවන්න ඕනෙත් නෑ - ජොනී

යම් ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්නම් එම ගිවිසුමේ අඩංගු සෑම කරුණක්ම සම්බන්ධයෙන් සෑම අමාත්‍යවරයෙකුම සොයාබැලීමක් හෝ එහි සෑම කරුණක්ම කියවා බැලීමක් අවශ්‍ය නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

"ඔය ගිවිසුම මම නම් දැක්කෙ නෑ. ඉතිං ඒ ගිවිසුම හරි ගිවිසුමද, එහෙම නැත්නම් හොර ගිවිසුමක්ද, මොකක්ද කියන එක මම දන්නෙ නෑ. හැබැයි යුගදනවි එක මේ රටට අවශ්‍ය කරන ඉතාමත්ම හොඳ දෙයක්. මේ ගිවිසුම අත්සන් කරන්න කැබිනට් මණ්ඩලය අනුමැතිය දීලා තියෙනවානෙ. එතකොට මම කැබිනට් ඇමතිවරයෙක් හැටියට ගිහිල්ලා ඉවරවෙලා ගිවිසුමේ මොනවද තියෙන්න ඕනෙ අවශ්‍ය දේවල් කියලා හොයන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඒක තමයි විශ්වාසය. නීතිපති දෙපාර්තමේන්තුවට එහෙම ඔක්කොම ගිහිල්ලා එන ගිවිසුමක්නෙ. මම හිතන්නෙ නෑ ඒකෙ එහෙම ගැටලුවක්, ඒකෙ තියෙන ඔක්කොම කියවන්න ඕනෙ කියලා මම විශ්වාස කරන්නෙ නෑ ..."

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ පෙරේදා (10) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)