Saturday, January 03, 2026
Follow Us
මෛත්‍රී ගැන ඇමති ප්‍රසන්න කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා පියතුමෙක් CIDයට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිවයුතු බවටත් ඒ අනුව ඒ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවටත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කරන්නැයි ඉල්ලමින් කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ සහ මාධ්‍ය සම්බන්ධීකාරක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ඊයේ (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.

ඒ පියතුමා එහිදී පැවසුවේ පසුගිය දිනවල කතෝලික පියතුමන්ලා කිහිපදෙනෙකු කළ සුළු සුළු ප්‍රකාශ සම්බන්ධයෙන් ඔවුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පැය ගණන්, දින ගණන් ප්‍රකාශ සටහන් කරගනිමින් විමර්ශන සිදුකළ ආකාරයෙන්ම තමන් කරන මේ පැමිණිල්ලට අදාළව ද මැති ඇමතිවරුන් කැඳවා දින ගණනක් තිස්සේ ප්‍රශ්න කරමින් විමර්ශන කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

(LNW)