Saturday, January 03, 2026
Follow Us
මම සඳක් වගේ බබළමින් සමාජයේ වැජඹෙන නිසා ෆොන්සේකා මට බයයි, ඉරිසියයි - ඇමති වීරසේකර

තමන් සමාජය තුළ සඳක් සේ බබළමින් වැජඹෙන නිසා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමන්ට ඊර්ෂ්‍යා කරන බවත් ඒ ඊර්ෂ්‍යාව දැන් වෛරයකට පෙරළී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

"ඊයේ මම මේ සභාගර්භයේ නොමැති අවස්ථාවක සරත් ෆොන්සේකා ඔහුට ලැබී තිබුණු කාලයෙන් වැඩි කොටසක් භාවිතා කරලා තිබුණේ මට ඉතා නින්දිත ලෙස පහත් ලෙස අපහාස කරන්නට. ඔහු නිර්මාණය කරපු බොරු මත තමයි මට ඒ අපහාසය කළේ. එක්කෝ ඔහුට බයයි, එහෙම නැත්නම් මට ඊරිසියාවයි. අද ඒ ඊරිසියාව වෛරයකට පෙරළිලා තිබෙනවා.

මට මෙහෙම අපහාස කරනකොට මගේ හාමුදුරුනමක් පසුගිය දවසක මට කිව්වා, සරත් වීරසේකර මහත්තයෝ ඔබට ෆොන්සේකා අපහාස කරනවා. හැබැයි ඔබ කළකිරෙන්න එපා, ඔබ සතුටු වෙන්න. ඒ මොකද, සඳක් අහසේ පායලා බබළනකොට තමයි නරි හූ කියන්නෙ සහ බල්ලෝ බුරන්නෙ. ඒක නිසා පාර්ලිමේන්තුවේ එහෙම කරනකොට ඔබතුමා කළකිරෙන්න එපා, ඔබතුමා සමාජයේ වැජඹෙන නිසා තමයි එහෙම කරන්නෙ කියලා ඒ හාමුදුරුවො - ඉතාම සුප්‍රසිද්ධ හාමුදුරුනමක් - මට ඇත්ත වශයෙන්ම කතාකරලා කිව්වා"

සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

(LNW)