Saturday, January 03, 2026
Follow Us
 මේ රටට එවන විදේශ මුදල් මහ බැංකුව බලහත්කාරයෙන් පරිවර්තනය කරන්නේ කොහොමද ? - සජිත්

විදෙස්ගත ශ්‍රමිකයින් සහ අපනයනකරුවන් මෙරටට එවන විදේශ මුදල් ශ්‍රී ලංකා මහබැංකුව බලහත්කාරයෙන් පරිවර්තනය කරන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි.

අපනයනකරුවා අඩපණ කරන ක්‍රියාවලියක් තුලින් රටේ ආර්ථිකය ගොඩනඟන්න කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා, මෙවැනි කටයුතු තුළින් අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගිය හැකි දැයි විමසා සිටියේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවති අයවැය තෙවැනිවර කියවීමේ විවාදය අවස්ථාවට එක්වෙමිනි.

විදේශ ආයෝජනයන් දිරිමත් කරනවා වෙනුවට එම ආයෝජනයන් අඩපණ කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බවත්, තොරතුරු තාක්ෂණය වැනි අංශ හරහා නැගී එන නව ආර්ථිකය ආපසු හැරවීම උදෙසා ආණ්ඩුව පිඹුරු පත් සකසන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ වනවිට ඩොලර් සංචිතය හිඟකම හේතුකොටගෙන ලංකාව පත්ව ඇති බරපතළ තත්ත්වයේ ප්‍රතිඵල ඉතා කඩිනමින්ම අත්විඳීමට සිදුවනු ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජාත්‍යන්තර ණය ශ්‍රේණි ගත කිරීම් වලින් ද ලංකාව අවාසනාවන්ත ලෙස පහළට ගොස් ඇතැයි ද සඳහන් කළේය.

(LNW)