2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා. ඒ ඊයේ රාත්‍රීයේදීයි. කතානායකවරයා සිය සහතිකය සටහන් කිරීමත් සමග 2021 අංක 30 දරණ විසර්ජන පනත ඊයේ සිට බලාත්මක වනවා.
මේ අතර අයවැය විවාදයෙන් අනතුරුව කතානායකවරයා විසින් මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙන සාම්ප්‍රදායික රාත්‍රී භෝජන සංග්‍රහය පාර්ලිමේන්තු සංකීර්ණයේ මන්ත්‍රී භෝජනාගාරයේදී ඊයේ පැවැත්වුණා.
කෙසේවෙතත් විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහභාගී වී නැහැ. එම මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයා විසින් සංවිධානය කළ වෙනත් රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්ව සිටි බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
(Neth)