Saturday, January 03, 2026
Follow Us
පළාත් පාලන මැතිවරණය එළඹෙන මාර්තු 20ට පෙර පැවැත්විය යුතුයි

පළාත් පාලන ඡන්ද විමසීම එළඹෙන මාර්තු 20 ට පෙර පැවැත්විය යුතු වනවා. ඒ සදහා පෙර සූදානමක් ලෙස අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සොයා බලමින් සිටින බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. කෙසේවෙතත් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ බලය විෂය භාර අමාත්‍යවරයා සතු බවද එම කොමිසම සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියා.

ලබන ජනවාරී මාසයේදී සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කැදවා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)