Saturday, January 03, 2026
Follow Us
මේක පඩි වැඩි කරන වෙලාවක් නෙවෙයි පඩි කපන වෙලාවක් - එස්.බී.

මේ වන විට පවතින ආර්ථික අහේනිය,විදේශ විනිමය ප්‍රශ්න 2009 කාලය වන විට ඉහටත් උඩින් පැවති නමුත් 2009 සිට 2014 කාලය යනු රටේ ඉතා වේගයෙන් ආර්ථික සංවර්ධනයක් ඇති වූ කාලයක් වන හෙයින් වර්තමානයේ පවතින ප්‍රශ්න ද විසඳා ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පැවසුවේය.

ඒ, අද (10) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව අද දවස වන විට කඩා වැටී ඇති සංචාරක ව්‍යාපාරය, ඇගලුම් කර්මාන්තය මෙන්ම විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන ලැබෙන මුදල් යනාදිය ඉතා ඉක්මණින් යථාතත්ත්වයට පත්වනු ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ඊට හේතුව වන්නේ කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත් නිපදවන රටවල්වලටත් එහා ගොස් ශ්‍රී ලංකාව තුළ එන්නත්කරණය කර තිබීම බව හෙතෙම සඳහන් කරයි.

කෙසේවෙතත් ප්‍රශ්නය වන්නේ විපක්ෂයේ සහ වෘත්තීය සමිතිවල හැසිරීම වන බවත් මේ මොහොතේ පවතින තත්ත්වයන් සමඟ වැටුප් කපනවා හැර වැටුප් වැඩි කළ හැකි මොහොතක් නොවන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

(LNW)