Saturday, January 03, 2026
Follow Us
අගමැති මහින්දගේ නීති විද්‍යාල ප්‍රවේශය ගැන සමකාලින නීතිඥයෙකුගෙන් පැහැදිලි කිරීමක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නීති විද්‍යාලයට ඇතුලත්වීම සහ නීති විභාගය සමත්වීම නියමිත ක්‍රමවේදයට අනුව සිදුවූ බව ඔහුගේ සමකාලීනයෙකුවූ ජනාධිපති නීතීඥ ඩබ්ලිව් දයාරත්න පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ඉකුත්දා පළ කළ අදහසකට ප්‍රතිචාර දක්වමින්.

පාර්ලිමේන්තුවේදී ඉකුත්දා අදහස් දක්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල යෝජනා කළේ පාර්ලිමේන්තුවේ සිටින කාලය සලකා තරුණ මන්ත්‍රීවරුන්ට නීති විද්‍යාල හෝ විශ්වවිද්‍යාල වරම් ලබාදීමට හැකි බවයි.

නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් අද සාකච්ඡා කෙරෙන්නේ ද පාර්ලිමේන්තුවේ සිටින කාලය සලකා තරුණ මන්ත්‍රීවරුන්ට නීති විද්‍යාල හෝ විශ්වවිද්‍යාල වරම් ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාව සම්බන්ධවයි.

(Neth)