Saturday, January 03, 2026
Follow Us
අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය පස්වරුවේ

අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අවසන් දිනය වන අද දිනයේ විවාදයට ගැනෙන්නේ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂයි. අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීම සවස 5 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

2022 වසර සදහා වන අයවැය කතාව මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඉකුත් නොවැම්බර් මස 12 වන දිනයි. අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 6 ක් පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර 3 වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය සදහා අද දිනයද ඇතුළුව දින 16 ක් වෙන් කෙරුණා.

මේ අතර අයවැය කාරකසභා අවස්ථා විවාදය යටතේ ඊයේ දිනයේ අධිකරණ, තාක්ෂණ, තරුණ සහ ක්‍රීඩා යන අමාත්‍යංශවල වැය ශීර්ෂයන් විවාදයට ගැණුනා.

පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09 යි 30 ට රැස්වනවා.

(Neth)