විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ පමණක් විදේශ මුදල් මෙරටට ගෙන්වා ගන්නා ලෙස මහ බැංකු අධිපතිවරයා සිදු කළ ප්‍රකාශය ප්‍රායෝගික නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා.
ඩොලරයක් සඳහා රුපියල් 240ක පමණ කළු කඩ මිලක් නිර්මාණය වී ඇති පසුබිමක මහ බැංකුව මගින් ඩොලරයේ අගය රුපියල් 200ක් ලෙස පවත්වාගෙන යාමෙන් තවත් අර්බුද රැසක් නිර්මාණය විය හැකි බවයි මන්ති්‍රීවරයා පෙන්වා දුන්ුනේ. ඊයේ රාත්‍රීයේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
දිගින් දිගටම බලහත්කාරයෙන් ඩොලරයේ අගය අඬු මට්ටමක පවත්වාගෙන යාමට මහ බැංකුවට නොහැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂද සිල්වා මෙහිදී කියා සිටියා.
(Neth)