මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ ඉහළින් සිටින යම්කිසි අදෘෂ්‍යමාන පිරිසක් විසින් සමස්ත දේශපාලන නායකත්වය හා පාර්ලිමේන්තුව හසුරුවනු ලබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී චෝදනාවක් කරන ලදී.
තමන් විෂයභාර ඇමතිවරයා වුවද අපනයන සංවර්ධන සභාව කැඳවීමට නිලධාරීන් ඉඩනොදෙන අතර සතොසේ සිදුවී ඇති වංචා සම්බන්ධයෙන් කර ඇති පොලිස් පැමිණිලි විභාග කිරීමට පොලිස්පතිවරයා පියවර නොගන්නා බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.
අපනයන සංවර්ධන සභාව වසර 26කට පසු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් එක් දිනක් කැඳ වූ බවත් පසුව එය කැඳවීමට එම නිලධාරීන් ඉඩ නොදෙන බවත් අමාතයවරයා ප්‍රකාශ කළේය.
''මේ පාර්ලිමේන්තුවට පරිබාහිරව නිලධාරී කතිපයාධිකාරියක් විසින් පාර්ලිමේන්තුවත් දේශපාලන නායකයනුත් පක්ෂයේ මන්ත්‍රීවරුනුත් නොමඟ යවන ආකාරයට විවිධ දේ ඔවුන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරනවා. ඔවුන්ට අවශ්‍ය විදිහට වෙනස් කරගත්තහම මූලික අරමුණු ඉෂ්ට කරගන්න බැරි වෙනවා. අපි නිකන් මෙතන බොරුවට බැන ගන්නවා. මුදල් අමාත්‍යංශයෙත් මහා බැංකුවේත් ඉන්න කිසියම් පිරිසක් විසින් මේ සමස්ත දේශපාලන නායකත්වය හා පාර්ලිමේන්තුව හසුරුවනවා කියන එකයි මම මේ ඔප්පු කරන්න හදන්නේ. දැන් 2014 දී ණය සේවාකරණ ගෙවීම් ඇමරිකානු ඩොලර් බිලියන 2.9. ඒක 2015දී වැඩිවුණා ඇමරිකානු ඩොලර් බිලියන 3.9ක්.එතකොට එක බිලියනයයි විදේශ ණය ගෙවන්න අවශ්‍ය වුණේ. තෙල් වලින් විතරක් ඉතුරු වුණා බිලියන 2ක්. කොහොමද ණය ගෙවීමේ ප්‍රශ්නයක් ඇතිවෙන්නේ.''
මෙලෙස රටකට ඉදිරියට ය නොහැකි අතර ජනතාවට ඇත්ත වාන් කිරීමෙන් වරදකරුවන් වන්නේ දේශපාලකයන් බවද අමාතයවරයා සඳහන් කරන ලදී.
සතොස ආයතනයේ සිදුව ඇති වංචා දූෂණ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්වේ පරීක්ෂණ 05ක් පවතින අතර ඒ කිසිවක් ගැන පොලීසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු නොකරන බවටයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ.
(LNW)