Saturday, January 03, 2026
Follow Us
අපෙත් ගෑස් ලීක්.සභාපතිතුමා නම් කිව්වේ පෙණ ආවට කමක් නැහැ පාවිච්චි කරන්න කියල - එස්. බී.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතාගේ නිවසට 04 දින රැගෙන ආ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයේ කාන්දුවක් සිදුව ඇති අතර ඒ ගැන ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයාගෙන් මන්ත්‍රීවරයා විමසූ බවත් එහිදී සබන් පෙණ ආවට ප්‍රශ්නයක් නොවන හෙයින් එය භාවිතා කරන ලෙස ඔහු පැවසූ බව මන්ත්‍රීවරයා ඊයේ (05) මාධ්‍ය වෙත පැවසුවේය.

එහෙත් අවදානමක් ගැනීමට බිරිද මෙන්ම නිවසේ සෙසු අය අකමැති වීම නිසා එම ගෑස් සිලින්ඩරය නැවත භාර දීමට කටයුතු කළ බවයි ඔහු කියා සිටියේ.

මෙම ප්‍රශ්නය විසඳා ගැනීම වෙනුවෙන් දැන් කළ යුතුව ඇත්තේ වෙළෙඳපොළේ පවතින ලිට්‍රෝ ගෑස් සිලින්ඩර නැවත ලබාගෙන එම සෑම සිලින්ඩරයක්ම පරීක්ෂා කිරීම බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

(LNW)