Saturday, January 03, 2026
Follow Us
පුළුවන් නම් ගමට යන්න. බලමු දෙන උත්තරේ මොකක්ද කියලා - මනූෂගෙන් ආණ්ඩුවට අභියෝගයක්

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සිටින්නේ ගම් මට්ටමේ ජනතාව කරා යෑමට හැකියාවක් නොමැතිව බවත් ඔවුන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ හඬ මර්දනය කිරීමට උත්සාහ දරන්නේ ඒ නිසා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.

''මේ අය උත්සාහ කරන්නෙ ඒකාධිපතිත්වය කරා ගිහිල්ලා, බයිනෙත්තුව ඔළුවට තියලා මේ රට හූරාකෑමේ ව්‍යාපාරයකට. මේ සූදානම් වෙන්නෙ ඒකට තමයි. අපේ කට වහලා, අපට පහරදීලා, විපක්ෂය බය කරවලා, මේ ජනතාව වෙනුවෙන් කතා කරන අවස්ථාව නැති කරන්න, ජනතාවට මේ තොරතුරු එළියට යන එක නවත්වන්න මේ උත්සාහ කරන්නෙ.

ගමට යන්න බැරුව ඉන්නෙ තමුන්නාන්සෙලා. ඒකයි තමුන්නාන්සෙලා පාර්ලිමේන්තුව ඇතුළෙ අපිව මර්දනය කරලා, අපේ කටවල් වහන්න උත්සාහ කරන්නෙ. පුළුවන් නම් ගමට යන්න. අපිත් යමු ගමට. ගමට ගිහිල්ලා බලමු ජනතාවට තමුන්නාන්සෙලා දෙන උත්තරේ මොකක්ද කියලා''

මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)