Saturday, January 03, 2026
Follow Us
නව ගෑස් සමාගමක් පිහිටුවන්න මට අවශ්‍ය නැහැ - යෝෂිත රාජපක්ෂ

ලංකාවේ විශාලතම ගෑස් සමාගම පිහිටුවීමට තමන් උත්සහ දරණ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය කාර්්‍යමණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ පවසනවා.

ලාෆ් සමාගම අපහසුතාවයට පත් කරමින් නව ගෑස් සමාගමක් පිහිටුවීමට උත්සහ දරණ බවටයි සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට චෝදනා එල්ල වන්නේ. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී යෝෂිත රාජපක්ෂ කියා සිටියේ ගෑස් සමාගම් බංකොලොත් කිරීමට හෝ නව ගෑස් සමාගමක් පිහිටුවීට තමන්ට අවශ්‍යතාවක් නොමැති බවයි.

(Neth)