Saturday, January 03, 2026
Follow Us
සුප්‍රසිද්ධ මන්ත්‍රීවරු දෙදෙනෙක් විදුලි සෝපානයේ සිර වෙලා

හදිසි විදුලි බිඳ වැටීම නිසා සිදු වූ දේ


ඊයේ (03) පස්වරුවේදී දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග ඉතා ප්‍රසිද්ධ මන්ත්‍රීවරුන් දෙදෙනකු පාර්ලිමේන්තුවේ පිහිටි විදුලි සෝපානයක සිර වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව මෙලෙස අද පැවති විවාදය අවසානයේ දී පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව යාමට ඔවුන් පැමිණීමේ දී විදුලි සෝපානය තුළ සිර වී ඇත්තේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල යි.

දිවයින පුරා සිදු වූ විදුලි බිඳ වැටීම් තත්ත්වය අතරතුර, මෙම මන්ත්‍රීවරුන් දෙපළ ද පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විදුලි සෝපානය තුළ යළි විදුලිය සැපයෙන තෙක් විනාඩි 15කට අධික කාලයක් මේ අයුරින් සිර වී සිට තිබෙනවා.

(Aruna)