අපේ රට සෞභාග්‍යයේලන්තය කරන්නට පැමිණි ආණ්ඩුව මෙරට වෙන්දේසි ලන්තයක් කළ බවත්, අනතුරුව පෝලිම් ලන්තයක් සහ කොමිස් ලන්තයක් කොට අද වන විට පිපිරීම්ලන්තයක් බවට පත්කොට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද වන විට තරුණයින්ට රැකියා අහිමි වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, ජනතාවට ජීවනෝපාය අහිමි වී ඇති බවත්, සමස්ත ජනතාවම කබලෙන් ළිපට වැටී ඇති බවත් සඳහන් කළේය. සුරක්ෂිතව
ගෑස් ටික ලබා දෙන්නට බැරි ආණ්ඩුවක් රටක් පාලනය කරන්නේ කෙසේදැයි විමසූ විපක්ෂ නායකවරයා දිනෙන් දින රටපුරා අසන්නට ලැබෙන්නේ ඇඟ සීතල වන ප්‍රවෘත්ති බව ද පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසූවේ ඊයේ (02) හම්බන්තොට තිස්සමහාරාම ලුණුගම්වෙහෙර රණවරනාවදී පැවති ‘නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට’ වැඩසටහන හරහා ජනතා ගැටලු විමසීමේ වැඩසටහන අමතමිනි.
(LNW)