Saturday, January 03, 2026
Follow Us
ලිට්‍රෝ ගෑස් සමාගම විකුණන්න පාරක් කපා ගන්නද මේ ගෙවල්වල සිලින්ඩර් පුපුරන්නේ ? - හරීන්

හදිසියේම දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම්, පිපිරීම් සිදුවීම් වාර්තා වන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම විකුණා දැමීමේ කුමන්ත්‍රණයක කොටසක් වශයෙන්දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රශ්න කරයි.

'''මේ ගෑස් ප්‍රශ්නය. දැන් මෙතුමාලාගෙ නැව්වලින් නේ ඔය ගෑස් ගෙනල්ලා දාන්නෙ. දැන් සමහර කට්ටිය කියනවා මේ ප්‍රොපේන් 50% වැඩිකරලා කරලා තියෙනවා කියලා. මට තේරුම් ගන්න බෑ, මේ ප්‍රොපේන් ඩොලර් 40ක් විතර ගණන් වැඩියි. එතකොට මේ ගෑස් ගේන්න බැරි සල්ලි නැති අපි ඇයි මේකට ප්‍රොපේන් 50%ක් ගහගන්නෙ, පුපුරන්න කියලා ? මට තියෙන ප්‍රශ්නෙ ඒක නෙවෙයි. මෙන්න මේකයි හොඳටම ප්‍රශ්නෙ. මේ ගෑස් සිලින්ඩර් නිකම් පුපුරන්නෙ නෑ. ලෝකෙ අපි අහලා තියෙනවාද ගෑස් සිලින්ඩර් පුපුරනවා ? දැන් කියනවා කරාමෙක ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒකත් නෙවෙයි. මං අද පැහැදිලිව කියනවා, සභාගත කරනවා සැප්තැම්බර්වලින් ඉඳන් ඔක්තෝබර් වලින් ඉඳන් මේ නැව්වලින් බානකොට තිබුණු සංයුතිය ඒ රටෙනුත් බලනවා, මේ රටෙනුත් බලනවා. එතකොට ඒක වෙන්නත් බෑ. වෙන කොතනක හරි සෙල්ලමක් තියෙනවා. මොකක්ද දන්නවාද සෙල්ලම ?

ඊයෙ පෙරේදා ඔබ තුමාලා දැක්කාද ලිට්‍රෝ සමාගම තක්සේරු කරන්න ටෙන්ඩර් එකක් දාලා තියෙනවා. එතකොට එක පැත්තකින් ලිට්‍රෝ එක විකුණන්න සෙට් වෙනවා. අනිත් පැත්තෙන් ඩිමාන්ඩ් එක අඩුකර ගන්න පුපුරනවාද කියලා. මිනිස්සු දරවලට යන්න හදනවා. ඉලෙක්ට්‍රික් වලින් උයන්න පුළුවන් අය ඉලෙක්ට්‍රික් වලට යනවා. ගෑස් වලට තියෙන ඉල්ලුම අඩුවෙනවා. සල්ලි ගෙවන්න තියෙන ප්‍රමාණය ඒ තරම්ම යන්නෙ නෑ ආණ්ඩුවට එතකොට. ආණ්ඩුව පොඩි චාන්ස් එකක් එනවා. ඊට වඩා ලොකු එක තමයි ආණ්ඩුවට ලිට්‍රෝ එක ලාභ ලබපු සමාගමක්, ඒක තක්සේරු කරන්නෙ මේ හදිස්සියේ මොකටද ? එතකොට ලිට්‍රෝ එක විකුණන්න පාරක් කපන්නද මේ අපේ අහිංසක මිනිස්සුන්ගෙ ගෙවල්වල සිලින්ඩර් පුපුරන්නෙ ?''

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

(LNW)