'රට දාලා මිනිස්සු යනවා කියලා විපක්ෂය මතයක් ගොඩනැගුවා. පක්ෂ සමුළුව දවසේ මහින්ද මහත්තයා අපිට මේ ගැන හොයන්න කිව්වා. හොයනකොට අපිට හම්බ උනේ අපිම ගෙනාපු අපිම අවශ්‍ය එන්නත් ලබාදීලා පිටරට යවන්න ලෑස්ති කරපු රටවිරුවන් තමයි ඒ යන්නේ කියලා. ලංකාව දාල යනවනම් යුරෝපෙට යන්න ඕනේ. නමුත් මේ යන්නේ යුරෝපෙට යන මිනිස්සු නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හින්දා රට දාලා යනවා කියලා තියෙනවා. ඔහු නිසා තමයි ඔවුන් මේ රටට ආවේ. අනිත් රටවල මිනිසුන් දහස් ගණන් මැරෙද්දි ඒ රටවල ජීවත්වෙන අපේ අය ඒ රටවල් දාලා ආවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන විශ්වාසය තියෙන නිසා. රට යන මනුස්සයාට වඳින්න ඕනේ. එයාලගෙන් එන ඩොලර් ටික නිසා තමයි මේ රටට තෙල් ටික වුණත් ගෙන්න ගන්නේ. ඒ මිනිස්සුන්ටත් අපහාස කෙරුවා රට අත්හැරලා යනවා කියලා.'
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ අභිනවයෙන් ඉදිකරන ලද කටුගම්පොල, ආඬිගමවත්ත ඇස්පෝල්ට් පූර්ව මිශ්‍රණ යන්ත්‍රාගාරයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මැතිවරණ සමයේදී ඡන්ද ලබා ගැනීම සඳහා රටවිරුවන් ගෙන්වන බවට චෝදනා කළ පුද්ගලයන්ම අද ඔවුන් නැවත විදෙස්ගත වනවිට රට අතහැර යන බවට අභූත චෝදනා එල්ල කරන බවයි ඇමතිවරයා පවසන්නේ.
පසුගිය ආණ්ඩුව තවදුරටත් බලයේ සිටියේ නම් වර්තමානයේදී රටට සිදුවන ව්‍යසනය පිළිබඳව සිතාගත නොහැකි බවත් රටේ වාසනාවට වසංගතයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්වූ බවත් පවසන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ලොවම වසාගත් වසංගතයක් හමුවේ පවා රට සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයා නායක්තවය ලබාදෙන බව පෙන්වා දෙනවා.
(LNW)