Sunday, January 04, 2026
Follow Us
දඹුල්ලෙන් LPL පිටියට නොඑන බව අගමැති කණිටුපුත් රෝහිත කියයි

මෙවර එල් පී එල් තරඟාවලියේදී තමන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ පවසනවා.

දඹුල්ල කණ්ඩායම ඊයේ සහභාගී වූ පුහුණු තරඟයකට රෝහිත රාජපක්ෂ එක්ව සිටි බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවී තිබුණා. රෝහිත රාජපක්ෂ දඹුල්ල කණ්ඩායමේ ජර්සියක් පැළඳ සිටින ඡායාරූප කිහිපයක්ද සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වුණා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් රෝහිත රාජපක්ෂ කියා සිටියේ තමන් ඊයේ දිනයේදී පුහුණු තරඟයකට ක්‍රීඩා නොකළ බවයි.

මෙවර එල් පී එල් තරඟාවලියේ දඹුල්ල කණ්ඩායමේ තේමා ගීතය නිර්මාණය කිරීමට තමන් සම්බන්ධ වී සිටින බවත්, ඒ අනුව එම තේමා ගීතයට අදාළ රූප රචන කටයුතු ඊයේ දිනයේදී සිදු කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)