Sunday, January 04, 2026
Follow Us
මහින්දට පස්සෙ ජ්‍යෙෂ්ඨතමයා මමයි. ඒත් මාව කවුරුවත් ගණන් ගන්නෙ නෑ - එස්.බී.

වත්මන් පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මහතාට පසුව සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා තමා බවත් කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව තුළ තමාට කිසිදු තැනක් ලබා දී නොමැති බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස තමා දැඩි කළකිරීමෙන් හා දුකෙන් කාලය ගත කරන බවත් දිසානායක මහතා සඳහන් කරනවා.

පරාක්‍රමභාහු රජුට පසුව රට සහලින් ස්වයංපෝෂිත කළේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස තමා බවත්, එවැනි සේවයක් සිදුකළ තමා පසුපෙළට දමා තිබෙන බවත් ඔහු පෙන්වා දෙනවා.

එස්.බී. දිසානායක මහතා මේ බව සඳහන් කළේ යූටියුබ් නාලිකාවක් සමග පැවැත්වූ සාකච්ඡාවකදීය.

වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ බලාපොරොත්තු ඉටු වී නොමැති නිසා ජනතාව දැඩි කළකිරීමෙන් පසුවන බව පෙන්වා දෙන දිසානායක මහතා පවසන්නේ ජනතාව දිනා ගැනීම සඳහා කඩිනමින් පියවර ගතයුතු බවයි.

රටක් සංවර්ධනය කිරීමට නම් විදෙස් ආයෝජකයන් සඳහා අවස්ථාව ලබාදිය යුතු බවත් රටේ ඉඩම් විදෙස් ආයෝජකයන්ට අලෙවි කිරීම වැරැද්දක් නොවන බවත් මන්ත්‍රීවරයා පවසනවා. අද සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් දියුණු වී තිබෙන්නේ රටේ සම්පත් විදෙස් ආයෝජකයන්ට අලෙවි කිරීම හරහා බවත් ඔහු පෙන්වා දෙනවා.

(LNW)