ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මතුව ඇති මත ගැටුම් හේතුවෙන් අයවැය 03 වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ගත යුතු තීරණය සම්බන්ධයෙන් මීළග මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කරන බව
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙර ප්‍රකාශ කළා. ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වෙනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත චෝදනාවක් එල්ල කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශය පිළිබඳව ද පක්ෂ මධ්‍යම කාරක සභාවේදී අවධානයට යොමුවනු ඇති බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩිදුරටත් සඳහන් කළා.
(Neth)