මෙරට භාවිතා වන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය වී ඇත්තේ ප්‍රොපේන් 49%ක් සහ බියුටේන් 51%ක් වශයෙන් බවට ඛනිජතෙල් සංස්ථාවේ රසායනාගාර පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඊයේ (29) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
"අද අපට වාර්තාවක් මගින් දැනගන්න ලැබුණා ප්‍රොපේන් 49%ක් සහ බියුටේන් 51%ක් විදියට තමයි ඔබතුමාගේ පෙට්‍රෝලියම් එකේ රසායනාගාර පරීක්ෂණවලින් හෙළිවෙලා තියෙන්නෙ. මං දන්නෑ මේ වාර්තා යටගහන්න උත්සාහ කරයිද කියලා. මම කියනවා ඉක්මනට මේක සභාගත කරන්න. ඔබතුමාගේ ආයතනයකින් මේ පරීක්ෂණය කරලා තියෙන්නෙ. මොකද දිගින් දිගටම මේ ගෑස් සමාගම්වල නිලධාරීන් රටේ ජනතාව මුලා කළා. ලසන්ත ඇමතිතුමාවත් මුලා කළා කියලා අපි විශ්වාස කරනවා. දැන් ඒක ඔප්පු වෙලා තියෙනවා. මේ සංයුතිය වෙනස් කිරීම හරහා තමයි ගේ ඇතුළට බෝම්බයක් ඇවිල්ලා තියෙන්නෙ"
මීට ප්‍රතිචාර දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ "මේ වාර්තාව අපි ස්වාධීනව කරපු වාර්තාවක් නෙවෙයි. පාරිභෝගික අධිකාරියෙ ඉල්ලීම මත කරපු වාර්තාවක්. ඒ අනුව අපට වාර්තාව ප්‍රසිද්ධ කරන්න අයිතියක් නෑ. අපි ඒ වාර්තාව බාරදෙනවා පාරිභෝගික ආරක්ෂක අධිකාරියට. එතුමන්ලා තමයි ඒ වාර්තාව ප්‍රසිද්ධ කළ යුත්තේ. වාර්තාවෙ අන්තර්ගතය පිළිබඳ කිසිම විමසීමක් කරලා නෑ. නමුත් ඒ වාර්තාව අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ කළයුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා" යනුවෙනි.
(LNW)