මේ දිනවල වාර්තා වන ගෑස් ආශ්‍රිත පිපිරීම් තත්වයන් පිළිබඳ එතරම් බියවීමට දෙයක් නොමැති බවත් මීට පෙරත් නොයෙක් තැන්වල ගෑස් පිපිරීම් වාර්තා වී ඇති බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
"නෑ, එච්චර බය වෙන්න ඕනෙ නෑ. ඉස්සරත් පිපුරුවානෙ. දැන් ඉස්සරත් ඔය ගෑස් සිලින්ඩර් පුපුරනවා, හිටිගමන්. එක එක තැන්වල. එක එක ප්‍රමාණයෙන්. හැම අවුරුද්දකම අරගෙන බලන්න පිපිරීම් කොච්චර තියෙනවාද කියලා ?
ඒවා ගෑස් පාවිච්චියේදී ඇතිවෙන අඩු දියුණු තත්වයන්. අපේ ගෑස් සැපයුමේ අඩු දියුණු තත්වයක් තියෙන්නෙ. නැත්නම් ගෑස්වල තියෙන්න ඕනෙ පරිපූර්ණ ආරක්ෂාවක්"
ප්‍රශ්නය - ප්‍රමිතියෙන් තොර සිලින්ඩර ජනතාවට ලබාදීම තුළ මේ තත්වය ඇතිවෙලා කියලා තමයි කියන්නෙ ?
"නෑ, නෑ. නෑ. මං හිතන්නෙ නෑ. එහෙනම් ඉස්සර පිපිරුවෙ ඇයි ?"
ප්‍රශ්නය - ඉස්සරට වඩා වැඩිවීමක් දක්නට ලැබෙනවා නේද ?
"ආහ්, ඔව් ඉතිං ගෑස් භාවිතය වැඩි වෙනකොට පිපිරීම් වැඩිවෙනවා"
ප්‍රශ්නය - දැන් මේකෙ වගකීම කවුද ගන්නෙ එතකොට ?
"වගකීම තියෙන්නෙ සම්පූර්ණයෙන්ම ගෑස් සපයන සමාගමට"
අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.
(LNW)