මෙරට පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් විදේශ ආයෝජකයින් 600 ක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ සූදානමින් ඇතැයි සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. ඒ, අයවැය කාරක සභා අවස්ථා විවාදයට ඊයේ එක්වෙමින්.
මේ අතර විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ සූර්ය බලශක්තියෙන් ශ්‍රී ලංකාව තවමත් නිසි ප්‍රයෝජනයක් ගෙන නොමැති බවයි.
මේ අතර අයවැය කාරක සභා විවාදය අද 07 වන දිනටත් අද පෙරවරුවේ ආරම්භ වීමට නියමිතයි.
(NEth)