අර්ජුන රණතුංග පක්ෂයෙන් ඉවත් වෙයි
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව ඔහු විසින් පක්ෂ නායකත්වය වෙත යවන ලද ලිපියක දැක්වෙන්නේ තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම ඵලක් නොමැති බවට හැගී යන බවයි.
වත්මන් සහ අනාගත අභියෝග ජයගැනීමට සුදුසු වැඩපිළිවෙලක් ඇතිවන බවක් පක්ෂය තුළ පෙනෙන්නට නොමැති බැවින් තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම ඵලක් නොමැති බව ඔහු යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්.
(Aruna)