මේ වනවිට ලොවපුරා ව්‍යාප්තවෙමින් තිබෙන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටිනවා. එන්නත්කරණය ලක් වූ පුද්ගලයන්ටද මෙම ප්‍රභේදය ආසාදනය වියහැකි බවට ලොවපුරා වෛරස විශේෂඥයන් පෙන්වා දී ඇති බව පවසන විපක්ෂ නායකයා සඳහන් කරන්නේ ඒ නිසා මේ පිළිබඳව දැඩි අවධානය යොමුකළ යුතු බවයි. එසේ නොවුවහොත් අවාසනාවන්ත තත්වයක් උදාවිය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.
මෙරටට පැමිණෙන සියලු විදේශිකයන්, පූර්ණ එන්නත්කරණයට ලක්වීම නොසලකා PCR පරීක්ෂණ සඳහා භාජනය කළයුතු බවත්, කඩිනමින් පරීක්ෂණ වාර්තා ලබාගැනීමට අවශ්‍ය පහසුකම් ගුවන්තොටුපල තුළ ස්ථාපිත කළයුතු බවත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.
මෙම යෝජනාව ඇතුළත් යෝජනාවලියක් විපක්ෂ නායකයා අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පාර්ශ්වය වෙත ඉදිරිපත් කළේය.
(LNW)