ඉදිරියේදී රටේ සාගතයක් ඇතිවෙන තැනට වත්මන් රජය කටයුතු කර ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
"ආණ්ඩුවේ මේ අමනෝඥ, මෝඩ තීන්දු නිසා ජනතාවට ඕනෙ පොහොර ටික බෙහෙත් ටික වෙලාවට දුන්නෙ නැති නිසා දැන් එළවලු මිල ඉතිහාසයේ ඉහළම ගාණට ගිහිල්ලා තියෙනවා. හාල් වලට ගැසට් ගැහුවා, රිවස් කරගත්තා. සීනි වලට ගැසට් ගැහුවා, රිවස් කරගත්තා. අද පොහොර වලට ගැසට් ගැහුවා, ඒකත් රිවස් කරගත්තා. ඔය එළවලු වලින් දැනෙන්න පටන් ගත්තා විතරයි, වී අස්වැන්නත් සේරම අඩුවෙලා මේ රට සාගතයකට යන තැනට මේ රජය ගෙනල්ලා තියෙනවා"
රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගය විසින් ඊයේ (28) පානදුර ප්‍රදේශයේ පැවැත්වූ උද්ඝෝෂණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)