මහින්ද සමරසිංහ ඉල්ලා ඉස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ධුර සදහා මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින ලලිත් වර්ණකුමාර පත් කිරීමට නියමිතව තිබෙනවා.
මහින්ද සමරසිංහ ඉකුත්දා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීම සදහායි. 2020 මහ මැතිවරණයේදී මහින්ද සමරසිංහ මනාප 58,514ක් ලබා කලුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ 8 වැනි තැනට තේරී පත් වුණා. එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානය හිමි වූයේ මනාප 46,542ක් ලබා ගත් ලලිත් වර්ණකුමාරටයි.
පුරප්පාඩු වී ඇති මන්ත්‍රී ධුරය සදහා ලලිත් වර්ණකුමාර පත් කරන ලෙස කලුතර දිස්ත්‍රීක් ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසන් සභාවට ලිඛිතව දැනුම් දීමට නියමිතයි. අනතුරුව මැතිවරණ කොමිසන් සභාව විසින් පුරප්පාඩුව පවතින මන්ත්‍රී ධුරය සදහා ලලිත් වර්ණකුමාරගේ නම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
මහින්ද සමරසිංහ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග එම ධූරය පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ද දැනුම් දී තිබෙනවා.
(NEth)