Monday, January 05, 2026
Follow Us
ජා ඇල නගර සභාවේත් අයවැය කචල් - පොහොට්ටු සභාපතිට පොහොට්ටු මන්ත්‍රීන්ගේම විරෝධය

2022 වසර සඳහා ජා ඇල නගර සභාවේ අයවැය නගර සභා රැස්වීමට ඊයේ (26) ඉදිරිපත් කෙරුණු අතර එහිදී ද උණුසුම් තත්වයක් උද්ගත විය.

නගරාධිපති ෂම්මික ඩයස් මහතා අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කළ අතර මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සංශෝධන ඉදිරිපත් කළහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුමේධ ලක්මාල් මහතා තමන් ඉදිරිපත් කළ සංශෝධන පිළිගෙන නොමැති බව ප්‍රකාශ කිරීමත් සමග නගරාධිපතිවරයා අයවැය සභා සම්මත වූ බව පවසමින් සභාවෙන් පිටව ගිය අතර ඉන් අනතුරුව පොහොට්ටුවේම මන්ත්‍රීවරුන් "ෂම්මි හොරා" කියමින් සභාව තුළ උද්ඝෝෂණය කළහ.

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අට දෙනාගෙන් හත්දෙනෙකුම එසේ විරෝධය පළ කිරීමට එක්ව සිටි බවයි ඔවුන් පැවසුවේ.

පසුගිය දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතනය කිහිපයකම අයවැය පරාජයට පත්වන ආකාරයක් ද එක පෙළට දක්නට ලැබීම විශේෂත්වයකි.

(LNW)