Monday, January 05, 2026
Follow Us
ජාතීන් අතර සංහිඳියාව කැඩීම : එක නීතියක් බලකායේ සභාපති හිමිට එරෙහි නඩුව විභාගයට දින නියම වේ

2016 නොවැම්බර් 30 හෝ ඒ ආසන්න දිනයකදී මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතීන් අතර සංහිඳියාව බිඳවැටෙන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව 2022 මාර්තු 14 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය පසුගිය 24 වනදා නියෝග කළේය.

ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව පැමිණිලිකාර අසාද් සාලි මහතා ඇතුළු පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණයෙහි පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මෙම නඩුවෙහි පරිගණක සාක්ෂි පරීක්ෂා කර බැලීම සඳහා එහි ප්‍රවේශයට අවසර ඉල්ලා සිටි අතර විනිසුරුවරයා එම අවසරය ද ලබාදී නඩුව ලබන මාර්තු 14 වනදා යළී කැඳවීමට නියම කළේය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඥානසාර හිමි මේ වනවිට "එක රටක් - එක නීතියක්" පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති තනතුරෙහි ද කටයුතු කිරීමය.

(LNW)