Monday, January 05, 2026
Follow Us
ආදර්ශමත්වන්න ශ්‍රීලනිපය පොහොට්ටුවට කියයි

පොදුජන පෙරමුණට හෝ වෙනත් දේශපාලන පක්ෂවලට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් නොමැති බව සමූපාකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන සන්ධානය තුළ පවතින ගැටළුවලට විසදුම් ලබා දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වගකීමක් වන බවයි. නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙම අදහස් පළ කළා. ගෑස් අනතුරු සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ පවතින විවිද අදහස් සම්බන්ධයෙන්ද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

(Neth)