කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය සමරන අතරේත් කාන්තාවන්ට එරෙහි හිංසනය ලොව පුරාත්, ශ්‍රි ලංකාවෙත් සිදුවෙමින් පැවතීම අතිශය කණගාටුවට කරුණක් බවත්, මේ අමානුෂික තත්ත්වය නතර කිරීමට වහාම සියලු දෙනා එකට එක් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කාන්තාවගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව සමගි ජන බලවේගය පෙනී සිටින බව පැවසූ විපක්ෂ නායවරයා, ඉදිරි දෙසතියක කාලය තුළ ඒ වෙනුවෙන් තීරණාත්මක මැදිහත්වීමක් කරන බව ද සඳහන් කළේය.
ගෘහස්ථ හිංසනයත්, වැඩ බිමේ දි සිදුවන හිංසනයන්, පොදුවේ ගත් විට කාන්තාවන්ට එරෙහිව සිදුවන සමස්ත හිංසනයනුත් මුලිනුපුටා දැමීම වෙනුවෙන් ඉතා තීරණාත්මක නීතිරීති රැගෙන ආ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (25) ලුණුගම්වෙහෙර බෙරලිහෙල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
(LNW)