Saturday, July 12, 2025
Follow Us
මොන බාධක දැම්මත් මහවිරු උත්සව පවත්වනවා - සිවාජිලිංගම්

යුද්ධයෙන් මියගිය දෙමළ ජාතිකයන් සැමරීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ට අයිතිවාසිකමක් හා යුතුකමක් තිබෙන බව දෙමළ ජනතා සන්ධානයේ ලේකම්, හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවජිලිංගම් මහතා පවසනවා. අධිකරණ නියෝග හරහා හෝ එම අයිතිය උල්ලංඝනය කළ නොහැකි බවයි සිවාජිලිංගම් මහතා පෙන්වා දෙන්නේ.

ඒ් අනුව ලබන 27 වැනිදා උතුරු පළාතේ බොහෝ ස්ථානවල මහවිරු සැමරුම් උත්සව පවත්වන බවත් කුමන බාධක පැමිණියද මහවිරු සැමරුම් නැවැත්විය නොහැකි බවත් ඔහු සඳහන් කරනවා.

අධිකරණ නීතිය හරහා සැමරුම් උත්සව තහනම් කිරීම දේමළ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවද සිවාජිලිංගම් මහතා අවධාරණය කරනවා.

(LNW)