Saturday, July 12, 2025
Follow Us
මාතෘකාවෙන් පිට මන්ත්‍රීවරුන්ගේ වල්පල් කතා ගැන කතානායක කණගාටුව පළ කරයි

අයවැය විවාදයේදී ආණ්ඩු පක්‍ෂය මෙන්ම විපක්‍ෂයේද මන්ත්‍රීවරුන් නියමිත මාතෘකාවෙන් පරිබාහිරව දිගින් දිගටම අදහස් පළ කිරීම කණගාටුවට කරුණක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ, නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.

කතානායකවරයා පැවසුවේ අවස්ථා කිහිපයකදී මේ පිළිබද මන්ත්‍රීවරුන් දැනුවත් කළද මේ දක්වා පාර්ලිමේන්තුව තුළ සාධනීය තත්ත්වයක් දක්නට නොලැබෙන බවයි. බොහෝ මන්ත්‍රීවරුන් නියමිත විෂය නිසිලෙස අධ්‍යයනය නොකරන තත්ත්වයක්ද දක්නට ලැබෙන බවද කතානායකවරයා සදහන් කළා.

පාර්ලිමේන්තුවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේද සංවිධායකවරුන් දැනුවත් කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

පාර්ලිමේන්තුවේ මේ වනවිට පැවැත්වෙන්නේ අයවැය කාරක සභා අවස්ථා විවාදයයි.

(Neth)